ෆේස්බුක් තුලින් ඇති වූ පෙම නිසා තරුණයා දිවි නසාගන්න හදලා

අන්තර්ජාලයේ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තුල නිතරම සැරිසරන තරුණයෙක්ට එතුලින් රූමත් යුවතියක් දැන හැඳින ගැනීමට ලැබී ඇත. ඒ ඔහුගේ මිතුරාගේ ෆේස් බුක් ගිණුමක් මාර්ගයෙනි.

දින කිහිපයක් අන්තර් ජාලය ඔස්සේ කතා බහ කළ දෙදෙනා සති දෙකක් ඇතුළතදී පෙම්වතුන් බවට පත්වූහ.

තරුණයා මේ බව තමාගේ යහළුවාටද දැනුම් දී ඇත.පසුගිය සෙනසුරාදා සවසක මේ දෙදෙනා හමුවීමට කතා බහ කැරගෙන ඇත්තේ සියනෑවේ ප්‍රධාන නගරයක දුම්රිය පොළක අවන්හලක් තුළදීය. තරුණිය කී වේලාවටම තරුණයා එහි ගොස් ඇත.

අඳුර වැටීගෙන එද්දී තරුණිය ලැසි ගමනින් අවහන්හලට පැමිණෙනු තරුණයා නිරීක්ෂණය කෙළේය. ඈ ඩෙනිම් කලිසමකින් සැරසී සිටි අතර පිට දිගට දිග කෙස්වැටිය මුදා හැර තිබුණු ලස්සන කෙල්ලකි.

අවන් හලේ අඳුරු මුල්ලක දෙදෙනා කතා බහ කරමින් සිටියදී තරුණියගේ ශරීයෙයේ කිසියම් වෙනසක් තරුණයාට දැනිනි. ඔහු ඒ ගැන හොඳින් නිරීක්ෂණය කරද්දී මේ තරුණයා පිරිමි සහ ගැහැණු චරිත එක විට පෙනී සිටින පුද්ගලයකු බව හඳුනා ගෙන “ඇයට” බැන වැදි එතැනින් පැමිණි ඇත්තේ ඇය ඔහු පසු පස හඬමින් දිව එද්දීය.

ත්‍රිරෝද රථයක් නැවැත්වූ තරුණයා තරුණිය ගෙන් ගැලවී එහි නැගී නිවසට පැමිණ ඇත. පසු දින ඔහු තමාට මුහුණ පෑමට සිදුවූ සිද්ධිය පිළිබඳව කනගාටුවෙන් පසුවෙද්දී ඔහුගේ මිතුරන් පිරිසක් නිවෙසට පැමිණ තිබේ. “ආ මොකෝ මචං මූණ බෙරි කරගෙන.කොහොමද ඊයේ ෆේස් බුක් කෙල්ල මාර හැඩයි නේද? යැයි මිතුරන් පිරිස සිනාසෙමින් විමසුහ.

තමා මේ මිතුරන් පිරිස ඇටවු උගුළට හසුවුනු බව දැනගත් තරුණයා ලැජ්ජාවට පත්විය. ඒ මොහොතේම එතැනින් දුව ගොස් අසල තිබූ ගඟට පැන ඇතත් මිතුරන් පිරිස එක්වී ඔහු ගොඩ ගෙන ඇත

සිද්ධියෙන් පසු මිතුරු ඇසුර සදහටම අතහැර ඇති තරුණයා තමන්සතු පරිගණකයේ අන්තර්ජාල සම්බන්ධතාවද අක්‍රියකර ඇති බවද දැනගන්නට තිබේ.
යහළුවන්ගේ මැදිහත්වීම මත තරුණයාගේ ජීවිතය ගැලවුනත් එසේ නොවුනානම් ෆේස්බුක් නිසා සිදුවූ තවත් මරණයක් ලෙස එය වාර්තා වනු ඇත

No comments:

Post a Comment