Face නොකර, Facebook කිරීම

කොල්ලෝ, කෙල්ලෝ හැටියට එදිනෙදා ජීවිතයේදී අපට ඇති වන දාහක් ප්‍රශ්න වලට Face කරනවද ? එහෙමත් නැත්නම් Facebook කරනවද ?



Mark Elliot Zuckerberg නම් පුංචි කොළු ගැටයා, එයාගේ යාළුවෝ කණ්ඩායම එක්ක එකතු වෙලා Facebook ලෝකෙට හඳුන්වලා දෙන විට , එයින් මේ තරම් බලපෑමක් වෙයි කියලා හීනෙකින් වත් හිතන්න නැතිව ඇති. කවුරු , මොනවා කීවත් Facebook කියන්නේ මේ වන විට ලෝකයේ තියෙන ජනප්‍රිය ම Social Network එකක්. Facebook වගේ ම Mark Elliot Zuckerberg ගැනත් මේ වන විට ලෝකයේ නොදන්න කෙනෙක් නැහැ. තමුන්ගේ Girl Friend එක්ක ඇති වුණු පුංචි ම පුංචි ආරවුලක් දුර දිග යෑමේ ප්‍රතිඵලයක් විදිහට Mark අතින් නිර්මාණ වුණ Facebook, අද වන විට ලෝකයේ පෙම්වතුන් බොහෝ දෙනා අතර ආරවුල් ඇති කරන මහා හිසරදයක් වෙලා තියෙනවා. ඒත් Facebook fans ලා නම් කියන්නේ එය යාළු-මිත්‍රකම් ගොඩනගා ගැනීමට උපකාරී වන තෝතැන්නක් බවයි.



Facebook ගැන සමාජයේ Positive වගේ ම Negative අදහස් ද පැතිරිලා තියෙනවා. කාළය කා දමන, පවුල් ආරවුල් වැඩි කරන, මානසික ආතතිය ඇතිකරන, පුද්ගලික ජීවිත වලට වෙනත් ඕනෑම කෙනෙකුට ඇඟිලි ගහන්න අවස්ථාව හදලා දෙන දෙයක් විදිහට එක පිරිසක් විසින් Facebook හඳුන්වනවා. Jason Lee නම් කාටුන් ශිල්පියා ඇඳි මේ කාටුන් එකෙන් Facebook නිසා ඇති වී තියෙන negative තත්වයන් පෙන්නුම් කරලා තියෙනවා. ඒත් Facebook කියන්නේ මානසික ආතතිය අඩු කරන, සමාජ සම්බන්ධතා වැඩි කරන, මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන දෙයක් විදිහට දකින පිරියකුත් ඉන්නවා.

අද වනවිට තමුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට තියෙන හොඳම තැන වෙලා තියෙන්නේ Facebook එකයි. තමුන්ගේ Girl Friend හෝ Boy Friend තරහා වුණා ම , රාජකාරී කරන තැන ප්‍රශ්නයක් ඇති වුණාම, විභාගයට පාඩම් කරලා වෙහෙසට පත් වුණා ම ඇති වන හැඟීම් Facebook එකේ තමුන්ගේ status හැටියට පල කරන අවස්ථා අනන්තවත් අපට දැක ගන්න ලැබෙනවා. ඒ වගේ ම තමුන්ගේ ජීවිතයේ සතුටුදායක ආරංචි, ජයග්‍රහණ ආදියත් Facebook හරහා අනිත් අයට දන්වන අයත් ඕනෑ තරම් ඉන්නවා. මේ සියල්ලටම වඩා තමුන්ගේ අතිශය පෞද්ගලික තොරතුරුත් කිසිම බයක් , සැකක්, ලැජ්ජාවක් නැතිව Facebook හරහා ලෝකෙටම පේන්න දාන අයත් දකින්න ලැබෙනවා. කොහොම වුණත් කෙනෙක් ගේ පුද්ගලික ජීවිතය මේ විදිහට අනිත් අයත් එක්ක බෙදා ගැනීම මොන තරම් දුරට හොඳ වැඩක් ද කියලා හිතලා බලනවා නම් තමයි වඩාත් සුදුසු. ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ප්‍රශ්නයට මුහුණ නොදී, තමුන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා Facebook එකේ දාලා වැඩක් නැහැ. Facebook වලින් හුවමාරු කර ගන්න ඕනෙ තමුන්ගේ මොන තොරතුරුද කියලා අවබෝධයෙන් වැඩ කරනවා නම් Facebook හරහා ප්‍රශ්න ඇති වීම ගොඩාක් දුරට වලක්වා ගන්න පුළුවන්. අවසානයේ අප තේරුම් ගත යුත්තේ Facebook හොඳ හෝ නරක වෙන්නේ අපි එය පාවිච්චි කරන විදිහ අනුව බවයි.

email Account හැක් වෙලානම් පොලීසියට කියන්න

තමාගේ පරිගණකය ,ඊ-මේල්ගිණුම වෙනත් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී තිබේනම් හෝ පරිගණක,ජංගම දුරකථන ආශ්‍රයෙන් සිදුකරන සියලුම වංචනික ක්‍රියා දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට හැකියි.

oic.cidcom@police.lk, dig.cid@police.lk යන ලිපින වලට ඊ-මේල් කිරීම මගින් හෝ 0112380380, 0112422176 යන අංක වලට දුරකථන ඇමතුම් ලබා දීම මගින් මෙම පැමිණිලි ගොනුකළ හැකියි.

පරිගණක අපරාධ වැඩිවීමත් සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට පරිගණක අපරාධ පරික්ෂනාගාරයක් වෙනමම පවත්වාගෙන යන අතර එමගින් අන්තර්ජාලයේ සැඟවී සිටින පුද්ගලයන් සිටින ස්ථාන හදුනාගැනීම හා නවීන ක්‍රමවේදයන් අනුව සැකකරුවන් හදුනාගැනීමට හැකි බව පැවසෙනවා.

වර්තමානය වන විට පරිගණක අපරාධ වලට බොහෝ සෙයින් ගොදුරු වී ඇත්තේ කාන්තාවන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

2007 වසරේ පරිගණක අපරාධ පනතේ 24 වන වගන්තිය යටතේ පරිගණක හා සම්බන්ධව සිදු කරන සියලුම වංචනික ක්‍රියා වලට එරෙහිව නිතිය හමුවට පැමිණිවීමට නීතිමය ප්‍රතිපාදන සකසා තිබෙනවා.