email Account හැක් වෙලානම් පොලීසියට කියන්න

තමාගේ පරිගණකය ,ඊ-මේල්ගිණුම වෙනත් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී තිබේනම් හෝ පරිගණක,ජංගම දුරකථන ආශ්‍රයෙන් සිදුකරන සියලුම වංචනික ක්‍රියා දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට හැකියි.

oic.cidcom@police.lk, dig.cid@police.lk යන ලිපින වලට ඊ-මේල් කිරීම මගින් හෝ 0112380380, 0112422176 යන අංක වලට දුරකථන ඇමතුම් ලබා දීම මගින් මෙම පැමිණිලි ගොනුකළ හැකියි.

පරිගණක අපරාධ වැඩිවීමත් සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට පරිගණක අපරාධ පරික්ෂනාගාරයක් වෙනමම පවත්වාගෙන යන අතර එමගින් අන්තර්ජාලයේ සැඟවී සිටින පුද්ගලයන් සිටින ස්ථාන හදුනාගැනීම හා නවීන ක්‍රමවේදයන් අනුව සැකකරුවන් හදුනාගැනීමට හැකි බව පැවසෙනවා.

වර්තමානය වන විට පරිගණක අපරාධ වලට බොහෝ සෙයින් ගොදුරු වී ඇත්තේ කාන්තාවන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

2007 වසරේ පරිගණක අපරාධ පනතේ 24 වන වගන්තිය යටතේ පරිගණක හා සම්බන්ධව සිදු කරන සියලුම වංචනික ක්‍රියා වලට එරෙහිව නිතිය හමුවට පැමිණිවීමට නීතිමය ප්‍රතිපාදන සකසා තිබෙනවා.

No comments:

Post a Comment