Facebook Application විසින් ඔබේ password සොරාගනී

බොහෝදෙනෙක් බාවිතා කරන Facebook ඇප්ලිකේෂන් 100,000 පමණ දැනට වසර කීපයක සිට application auth code තුන්වන පාර්ෂව වලට නොදැන හෝ දැනගෙන ලබාගෙන ඇති බව Symantec සමාහම පසුගියදා නිකුත් කල නිවේදනයක දැක්වෙ යි. මෙය සිදුවී ඇත්තේ Facebook හී තිබූ security ගැටලුවක් නිසා බවද සඳහන්ය.

දැනට Facebook විසින් මෙම ගැටලුව නිරාකරනය කල බව පැවසුව එම ගැටලුව හේතුවෙන් Application වලට දෙන අවසරය (Access tokens) තුන්වන පාර්ෂව වලටද ලබා ගැනීමට හැකිවී තිබේ. Access tokens යනු ගෙදරට ඇතුලුවෙන්න ඇති අමතර යතුරු වැනිය. Access tokens යොදාගෙන ඔබේ Facebook ගිණූමේ ඇති chat, messages වැනි දෑ පවා කියවීමට තුන්වන පාර්ෂව වලට හැකිවෙ යි.

දැන් මෙම දත්ත කීදෙනෙකු ලග තිබෙනවාද පැවසුව නොහැකි වුවත් ඔබ දැන්ම Facebook හී SSL enable කොට, Password එක මාරු කරන්න. යම්කිසි Application එකක් SSL වල ක්‍රියාත්මක නොවේ. SSL වලින් ඉවත් වීමට යනවානම් එම Application එක බාවිතයෙන් වැලකෙන්න.

No comments:

Post a Comment